රන් භාණ්ඩ කොල්ලකෑ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවගේ ස්වර්ණාභරණ කොල්ලකෑ කාන්තාවන් දෙදෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හම්බෙගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකාරිණියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම් සඳහා උපයෝගී කරගත් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්, මුදලින් රුපියල් 150,000ක් සහ රත්‍රං මාල උකස් කර ලබා ගත් රිසිට් පත් කිහිපයක් ද සොයාගැනුණා.

අත්අඩංගුවට සැකකාරියන් වයස අවුරුදු 26-29 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් වයස අවුරුදු 36-43 යන වයස්වල පසුවන්නන් බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් වෙහෙරයාය, බදුල්ල, බලහරුව සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39