ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කැන්ගරු – ඉන්දු සටන අදින් ඇරඹෙයි

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ සටනට පිවිසීමේ බලාපොරොත්තුව ස්ථිර කරගැනීම සඳහා අද (22) දින සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව තරග බිමට පිවිසෙනවා.

තරග 05කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ පර්ත් නුවර දීයි.

සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් මෙහෙයවනු ලබන අතර ඉන්දීය කණ්ඩායමේ උප නායක ජස්ප්‍රිට් බුම්‍රා පළමු ටෙස්ට් තරගයට පමණක් නායකත්වය දෙනු ඇති.

ඒ සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සිය මව්බිමට ගොස් සිටින හෙයින් ඔහු ඉන්දීය කණ්ඩායම සමග එක්වන්නේ නොවැම්බර් 24 වැනි දින බැවින්.

මේ වනවිට ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රෙලියාව පෙරමුණ ගෙන සිටිනවා.

දෙවැනියා වී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

එබැවින් අදින් ඇරඹෙන ටෙස්ට් තරගාවලිය දෙපිළටම අතිශය තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49