යාලේ සරුවට වැඩුණු ගංජා

යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත කාවන්තිස්සපුර විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින් සිදු කළ වැටලීමක දී නීතිවිරෝධීව ගංජා වගා කළ පුද්ගලයින් තිදෙනකු බලපත්‍ර රහිත ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 10ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (21) පස්වරුවේ සිදු කර ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ ගෝනගංආර ප්‍රදේශයේ දියි.

සැකකාර පුද්ගලයා එම වනෝද්‍යානයේ ස්ථාන තුනක අක්කර තුනකට ආසන්න ප්‍රදේශ කොටසක මෙම ගංජා පැළ වගාව සිදුකරගෙන ගොස් තිබෙනවා.

එහි වටලන අවස්ථාවේ දී සරුවට වැඩුණු ගංජ පැළ 190,000කට ආසන්න ප්‍රමාණයක් තිබුණු බවයි වාර්තා වන්නේ.

ගංජා වගාව ගිනි තබා විනාශ කර ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් 27,30 හා 36 යන වයස්වල පසුවන්නන්.

ඉදිරි නීතිමය කටයුතු ගෝනගංආර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32