AFC Banner
Empty Ad
Empty Ad

පුදුමයට පත් නොවිය යුතු කරුණක් ගැන සෞඛ්‍ය අංශ කියයි

කොවිඩ් ව්‍යාප්තිය බරපතළ වුවහොත් වසර අවසානයේදී රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට හෝ සිදුවුවහොත් එය පුදුමයට කරුණක් නොවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලු දේවල් ඉතාමත් සාමකාමීව වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් හිතට ගැනීම මේ අවස්තාවේ දී වැදගත් බවයි.

ප්‍රශ්නය – ඉදිරියේ දී උත්සව සමය එන්නේ සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ද?

“අපි ලොකු පාඩම් ඉගෙන ගත්තා පසුගිය දෙසැම්බර් මාසයේ, අප්‍රේල් මාසෙත් ඒ පාඩම් ඉගෙන ගත්තා. දැඩි නීති පනවනවා ද ලොක්ඩවුන් එකකට යනවා ද කියන ඒක රජය මඟින් තමා තීරණ ගන්නේ පවතින තත්ත්වයත් එක්ක සැලකිල්ලට අරගෙන. හැබැයි උත්සව සමයේ දී විශේෂයෙන්ම සැලකිල්ලට අරගෙන මේ අවුරුද්ද අග බාගය වන විට ඒ ආකාරයට ලොක්ඩවුන් එකක් සංචරණ සීමා සහ රට වැසීමක් සිද්ධ කළොත් ඒක පුදුම වෙන්න දෙයක් නෑ. මොකද අපි බරපතළ පාඩම් ඉගෙන තියෙනවා මීට කලින් උත්සව ආසාන්නයේ සිදු වු ක්‍රියාවන් නිසා. මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලු දේවල් ඉතාමත් සාමකාමීව වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් හිතට ගැනීම මේ අවස්තාවේ දී වැදගත් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?