පුදුමයට පත් නොවිය යුතු කරුණක් ගැන සෞඛ්‍ය අංශ කියයි

කොවිඩ් ව්‍යාප්තිය බරපතළ වුවහොත් වසර අවසානයේදී රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට හෝ සිදුවුවහොත් එය පුදුමයට කරුණක් නොවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලු දේවල් ඉතාමත් සාමකාමීව වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් හිතට ගැනීම මේ අවස්තාවේ දී වැදගත් බවයි.

ප්‍රශ්නය – ඉදිරියේ දී උත්සව සමය එන්නේ සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ද?

“අපි ලොකු පාඩම් ඉගෙන ගත්තා පසුගිය දෙසැම්බර් මාසයේ, අප්‍රේල් මාසෙත් ඒ පාඩම් ඉගෙන ගත්තා. දැඩි නීති පනවනවා ද ලොක්ඩවුන් එකකට යනවා ද කියන ඒක රජය මඟින් තමා තීරණ ගන්නේ පවතින තත්ත්වයත් එක්ක සැලකිල්ලට අරගෙන. හැබැයි උත්සව සමයේ දී විශේෂයෙන්ම සැලකිල්ලට අරගෙන මේ අවුරුද්ද අග බාගය වන විට ඒ ආකාරයට ලොක්ඩවුන් එකක් සංචරණ සීමා සහ රට වැසීමක් සිද්ධ කළොත් ඒක පුදුම වෙන්න දෙයක් නෑ. මොකද අපි බරපතළ පාඩම් ඉගෙන තියෙනවා මීට කලින් උත්සව ආසාන්නයේ සිදු වු ක්‍රියාවන් නිසා. මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලු දේවල් ඉතාමත් සාමකාමීව වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් හිතට ගැනීම මේ අවස්තාවේ දී වැදගත් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26