ජනපති පොහොර සමාගම් සභාපතිවරු දෙදෙනාව රැස්වීමෙන් දොට්ට දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනකු එම රැස්වීමෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් දෙදෙනා සතුව එම තොරතුරු නැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔවුන් සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

සභාවෙන් පිටව ගොස් අදාළ තොරතුරු විමසා දැන ගෙන එන්නැයි ජනාධිපතිවරයා ඔවුනට දැන්වූ අතර ඉන්පසු සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඔවුන් සභාවෙන් නැගිට යනු දක්නට ලැබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී පොහොර සමාගම් සභාපතිවරු දෙදෙනෙක් මෙසේ දැඩි විවේචනයට ලක් කළා.

එහිදී ජනාධිපතිවරයා මෙසේද අදහස් පළ කළා.

“සමහර අය පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්‍ෂවරු. මේ ඝන පොහොර කියන ඒවා ඕගොල්ලො හරහානේ ගන්නේ, ඒ ඝන පොහොර ප්‍රමාණය ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවද? කොච්චර ලබාගෙන තිබෙනවාද? කොච්චර ලබාගන්න තිබෙනවාද? අවශ්‍ය නම් අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඕන වෙලාවක හදන්න. දැන් ඔයා කෙටියෙන් කියන්නෙ ඔයා දන්නෙ කැහැ කියලනේ.

දැන් ඔයාට කියන්න බෑනේ අද ඝන පොහොර කොච්චර තියෙනවද කියලා. ඔයගොල්ලො දෙන්නා එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දාලා අහගෙන ලියාගෙන එන්න. ඔයගොල්ලො දැනගන්න ඕන මෙච්චර ගාණක් ඕනද? මෙච්චර ඝන පොහොර ප්‍රමාණක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මෙච්චර ලැබෙන්න තියෙනවාද? සරළ දෙයක්නේ. සභාපතිලා වුණාම මේවා දැනගන්න ඕනේ. ඔයත් ගිහිල්ලා අරගෙන එන්න තොරතුරු. දැන් මේවා අනිත් එක මේ අද පළවෙනි වතාව නෙවෙයිනේ. මේ දැන් අවසානයනේ. දැන් මේවා කවුරුත් දන්නෙ නැත්නම් හිතාගන්න පුළුවන්ද මොකක්ද මේකෙ තත්වය කියලා. මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයිනේ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

එම වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
84
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26