ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනකු එම රැස්වීමෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් දෙදෙනා සතුව එම තොරතුරු නැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔවුන් සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළා.
සභාවෙන් පිටව ගොස් අදාළ තොරතුරු විමසා දැන ගෙන එන්නැයි ජනාධිපතිවරයා ඔවුනට දැන්වූ අතර ඉන්පසු සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඔවුන් සභාවෙන් නැගිට යනු දක්නට ලැබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී පොහොර සමාගම් සභාපතිවරු දෙදෙනෙක් මෙසේ දැඩි විවේචනයට ලක් කළා.
එහිදී ජනාධිපතිවරයා මෙසේද අදහස් පළ කළා.
“සමහර අය පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්‍ෂවරු. මේ ඝන පොහොර කියන ඒවා ඕගොල්ලො හරහානේ ගන්නේ, ඒ ඝන පොහොර ප්‍රමාණය ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවද? කොච්චර ලබාගෙන තිබෙනවාද? කොච්චර ලබාගන්න තිබෙනවාද? අවශ්‍ය නම් අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඕන වෙලාවක හදන්න. දැන් ඔයා කෙටියෙන් කියන්නෙ ඔයා දන්නෙ කැහැ කියලනේ.
දැන් ඔයාට කියන්න බෑනේ අද ඝන පොහොර කොච්චර තියෙනවද කියලා. ඔයගොල්ලො දෙන්නා එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දාලා අහගෙන ලියාගෙන එන්න. ඔයගොල්ලො දැනගන්න ඕන මෙච්චර ගාණක් ඕනද? මෙච්චර ඝන පොහොර ප්‍රමාණක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මෙච්චර ලැබෙන්න තියෙනවාද? සරළ දෙයක්නේ. සභාපතිලා වුණාම මේවා දැනගන්න ඕනේ. ඔයත් ගිහිල්ලා අරගෙන එන්න තොරතුරු. දැන් මේවා අනිත් එක මේ අද පළවෙනි වතාව නෙවෙයිනේ. මේ දැන් අවසානයනේ. දැන් මේවා කවුරුත් දන්නෙ නැත්නම් හිතාගන්න පුළුවන්ද මොකක්ද මේකෙ තත්වය කියලා. මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයිනේ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
එම වීඩියෝව පහතින්,











lankawe rassawal karana niladari wadi denek putu rath karana pusso. ithin hora wadawalata thamayi eyala kaale yodawanne.. uda indala pahalatama okayi wenne. sakraya aawath diyunu karanna bari asoochi walak thama