වාහන ආනයනයට අවසර ලැබෙන දිනය කවදාද ? මුදල් අමාත්‍යාංශයේ ලේකම් උත්තර දෙයි

වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර සිටියා.

“අපි වාහන ගෙන්වීම පසුගිය මාර්තු මස නැවැත්තුවා. වාහන ගෙන්වීම සීමාකර තිබෙනවා. මම හිතන්නේ නෑ ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා. සමහරු මා සමග එකඟ වෙන්නේ නැති වෙයි. තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත වන්නේ නෑ.”

මේ අතර බදු අය කිරීමට සූදානම් ක්ෂේත්‍ර සහ භාණ්ඩ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන් දේශපාලඥයෙකු වශයෙන් පිළිතුරු දීමට කැමති වුවත්, මුදල් ඇමතිවරයා වශයෙන් පිළිතුරු නොදිය යුතු ප්‍රශ්නයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් ඇමතිවරයා මෙසේ අදහස් පළකර සිටියා,

“බදු අයකර ගන්නා අංශ කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා. ඒක දැම්ම එළියට දැම්මොත් සමහරවිට අයුතු වාසි ගනී. මට උපදෙස් ලැබුණා ඒ භාණ්ඩ මොනවද කියලා දැම්ම කියන්න එපා කියලා.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. ඒ නිසා බදු අයකරන භාණ්ඩ සහ ඒකෙන් නිදහස් කරන භාණ්ඩ මොනාද කියලා ඉතාම ඉක්මණින් දැනගන්න පුළුවන්. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28