සමාජ මාධ්‍යයේ හුවමාරු වන ව්‍යාජ ලියවිල්ලක් ගැන දැනුම්දීමක්

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන වැරදි සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සංශෝධිත මාර්ග රථවාහන පනත ලෙස සඳහන් කරමින් මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය තුළ වැරදි පුවතක් සංසරණය වන බවය.

එම පුවතේ දක්වා ඇති ආකාරයට රථවාහන වැරදි සහ දඩ මුදල් නීත්‍යානුකූල ලෙස මෙතෙක් ප්‍රකාශිත නීතියේ සඳහන් වැරදි සහ දඩ මුදල්වලට වඩා වෙනස් බව නිරීක්ෂණය වන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?