කටට ආපුවා දොඩවපු නිසා ගම්මන්පිලගේ ඇමති පට්ටම ගැලවෙයි..?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම හා සම්බන්ධ ගිවිසුම මෙන්ම ආණ්ඩුව ගනු ලැබූ තීරණ බලශක්ති අමාත්‍යධුරයේ සිටියදීම දැඩි ලෙස විවේචනයට ලක්කිරිම හා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කිරීම මේ සඳහා ආසන්නතම හේතුව වී ඇති බවද වාර්තා වෙයි.

උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය පක්ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වුවත් එය නියෝජනය කර පාර්ලිමේන්තුවේ සිටින්නේ ගම්මන්පිල මහතා පමණක් බැවින් ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව ගියද ආණ්ඩුවට ගැටලුවක් නොවන බවත් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම මගින් ආණ්ඩුවට දැඩි හානියක් බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට දන්වා ඇති බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 04දාය. ඔහු පැමිණීමෙන් පසු මේ පිළිබඳව අවසන් තීරණය ගනු ඇති බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03