අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා ඇඹිලිපිටියෙන් ඇසෙන දුක්බර කතාව

ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින ඇතුළත් කළ තරුණයකු බලහත්කාරයෙන් PCR පරීක්‍ෂණ කරද්දී මියගොස් ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ වැව් ආසිරිගම, නව නගරය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පදිංචි ඞී. සුරංග කුමාර නැමැති 39 හැවිරිදි තරුණයෙකි. PCR වර්තාව ද ලබා නොදී මාස හයකට ආසන්න කාලයක් පසු කරමින් මියගිය තරුණයාගේ දෙමවිපියන් අපහසුතාවට පත්කොට ඇත. කොරෝනා කියා මෘත ශරීරයවත් ඔවුනට ලබා නොදී පුළුස්සා දමා ඇත. පසුව තොරතුරු දැන ගැනීමේ පනතට අනුව, 2021.10.07 වන දින එම ඡුක්‍ඍ පරීක්‍ෂණ වාර්තාව ලබාගෙන ඇත. එහි සඳහන්ව ඇත්තේ කොවිඩි ආසාදිතයකු නොවන බවයි. මෙම සිද්ධිය පිළිබඳ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ 2021.10.14 දින සී. අයි. බී. 4.39/116 අංකය යටතේ පැමිණිලි කර විධිමත් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳ අග‍්‍රාමාත්‍යයවරයාට, සෞඛ්‍ය ඇමැතිවරයාට හා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම්දීමට මියගිය සුරංග කුමාරගේ පියා වන දඩල්ලගේ පේ‍්‍රමරත්න මහතා කටයුතු කර ඇත. තම පුතාගේ මරණය පිළිබඳ පේ‍්‍රමරත්න මහතා මෙසේ ද පැවැසීය.

‘‘මියගියේ මගේ බාලම පුතා. එයා කුඩා ව්‍යාපාරයක් කරමින් අපව රැකබලා ගත්තා. 2021.05.10 වන දින සවස ක්ලාන්ත ගතියක් ඇති වුණා. අපි ඇඹිලිපිටියේ මූලික රෝහලට සවස හයට විතර ඇතුළත් කළා. රාත‍්‍රී 9.00 වන තෙක් කිසිවකුත් පරීක්‍ෂාවක් හෝ ප‍්‍රතිකාර කිරීමක් නොකර දරුවා රෝද පුටුවක තබා තිබුණා. ප‍්‍රතිකාර නොකළ නිසා දරුවා ඉතා අමාරුවෙන් හිටියා. රාත‍්‍රී 9.00 න් පස්සෙ PCR කරන්න ඕන කියලා අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න පුතා හතර දෙනෙකු විසින් අල්ලා ගෙන දඟලද්දි තද කරගෙන බලහත්කාරයෙන් එම සාම්පල ලබාගනිද්දී දරුවා මිය ගියා. පසුවදා උදේ මගේ පුතා කොරෝනා රෝගියකු කියා මරණ පරීක්‍ෂණ වාර්තාවක් දීලා අපට මරණය පෙන්නුවෙවත් නැතුව අරගෙන ගිහිල්ලා නිරෝධානය නීති යටතේ කියලා පිච්චුවා.

නමුත් PCR පරීක්‍ෂණ වාර්තාව අපි ඉල්ලූවා. දුන්නේ නැතිව අපි අන්ත අසරණභාවයට පත් කළා. රත්නපුරේ යන්න කියනවා, ලබන සතියේ දෙනවා කියනවා, පස්සේ එන්න කියනවා. එහෙම කිය කිය මාස පහ හමාරක් පසු කළා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2021.10.07 වන දින ඇඹිලිපිටිය රෝහලෙන් PCR පරීක්‍ෂණ වාර්තාව ලබාගත්තා. එහි සඳහන් වෙලා තියෙන්නේ කොරෝනා ආසාදිතයකු නොවන බවටයි. මගේ පුතා මරණයට පත් වුණේ එදින රෝහලේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයේ වගකීම් විරහිත ක‍්‍රියා කලාපය හේතුවෙන්මයි. මගේ පුතාගේ මියයෑම හේතුවෙන් මා හා මගේ බිරිඳ දැඩි මානසික පීඩනයට ලක්වෙලා. අපිව ජීවත් කළේ ඒ දරුවා. අපි දැන් ආර්ථික අපහසුතාවටත් පත්වෙලා. එසේම දින 21 කාලයක් අප පවුලේ අය නිරෝධායනයට ලක් කළා. ඒ කාල සීමාවේදී අපට ආහාර පාන පවා ලැබීමක් නැතිව ගියා. අපේ දුක සැප බලන්න කවුරුත් ආවේ නැහැ. එයට ප‍්‍රධානම හේතුව මගේ පුතා මිය ගියේ කොරෝනා රෝගයෙන් බව සමාජයේ පැතිර යෑමයි. මෙම හේතු සැලකිල්ලට ගෙන තවත් මේ සමාජයේ මෙවැනි අකාරුණික දේවල් නොවන ආකාරයට අදාළ පිරිසට ද`ඩුවම් දිය යුතු යැයි, කියා මම තරයේ කියා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50