AFC Banner
Empty Ad
Empty Ad

රට යනවා කියා දොස්තරලා ගෙදර ඉඳන් පඩි අරන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්ගේ විදේශගතවීම් සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහට දැනුම් දී තිබේ.

වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ විදේශ ගත වීම් සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත මෙම දැනුම් දීම සිදු කර ඇත. වෛද්‍ය පරිපාලන පුහුණුව, මෙන්ම වැඩිදුර අධ්‍යාපන කටයුතුද සඳහා යොමු වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මෙම විගණන පරීක්ෂණ සිදු කර ඇත.

මෙම දුර්වලතා හේතුවෙන් විදේශ ගත වීම් පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජාතික විගණන කාර්යාලය දැනුම් දී තිබේ. වෛද්‍ය පරිපාලන පුහුණුව හා වැඩිදුර වෛද්‍ය අධ්‍යාපන පුහුණුව සඳහා වාර්ෂිකව වෛද්‍යවරුන් පන්සීයකට ආසන්න පිරිසක් විදේශගත වෙති.

ඔවුන් වසර දෙකක පමණ කාලයක් පුහුණුව ලබාගන්නා අතර වැටුප් සහිත අධ්‍යයන නිවාඩු සහ දීමනා ද ලබා දෙයි. ඇතැම් වෛද්‍යවරු විදේශගත වන්නේ ශිෂ්‍යත්ව මතය. මේ අතර ඇතැම් වෛද්‍යවරු විදේශගත වන බව හඟවා වැටුප් සහිත නිවාඩු හා දීමනා ලබා ගෙන මෙරට රැඳී සිටි බවද විගණන පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?