රට යනවා කියා දොස්තරලා ගෙදර ඉඳන් පඩි අරන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්ගේ විදේශගතවීම් සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහට දැනුම් දී තිබේ.

වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ විදේශ ගත වීම් සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත මෙම දැනුම් දීම සිදු කර ඇත. වෛද්‍ය පරිපාලන පුහුණුව, මෙන්ම වැඩිදුර අධ්‍යාපන කටයුතුද සඳහා යොමු වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මෙම විගණන පරීක්ෂණ සිදු කර ඇත.

මෙම දුර්වලතා හේතුවෙන් විදේශ ගත වීම් පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජාතික විගණන කාර්යාලය දැනුම් දී තිබේ. වෛද්‍ය පරිපාලන පුහුණුව හා වැඩිදුර වෛද්‍ය අධ්‍යාපන පුහුණුව සඳහා වාර්ෂිකව වෛද්‍යවරුන් පන්සීයකට ආසන්න පිරිසක් විදේශගත වෙති.

ඔවුන් වසර දෙකක පමණ කාලයක් පුහුණුව ලබාගන්නා අතර වැටුප් සහිත අධ්‍යයන නිවාඩු සහ දීමනා ද ලබා දෙයි. ඇතැම් වෛද්‍යවරු විදේශගත වන්නේ ශිෂ්‍යත්ව මතය. මේ අතර ඇතැම් වෛද්‍යවරු විදේශගත වන බව හඟවා වැටුප් සහිත නිවාඩු හා දීමනා ලබා ගෙන මෙරට රැඳී සිටි බවද විගණන පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14