AFC Banner
Empty Ad
Empty Ad

ඇදිරිනීතිය ලබන මස දක්වා දීර්ඝ කල යුතුයි – අලුත්ම අදහස මෙන්න

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම අපගේ ඉලක්කය වියයුතු බව ඔවුන් පවසයි.

ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය තවමත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?