ඇදිරිනීතිය ලබන මස දක්වා දීර්ඝ කල යුතුයි – අලුත්ම අදහස මෙන්න

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම අපගේ ඉලක්කය වියයුතු බව ඔවුන් පවසයි.

ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය තවමත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

  1. දැනට නම් පාරට බැහැපුවාම ඇදිරිනීතියක් නෑ වගේ පේන්නෙ, මීට වඩා ටිකක් තද කරලා තව සතියක් විතර දැම්මොත් හොඳයි

  2. Dan rata wahala kiyanne kawda??wenadata wada parawal wala senaga.kada sappu okkoma arala.kotasak hodata hamba kara gannawa.katasakata kannawath na.banku awada.leasin company arala .minissu gewanna ona naya.kotasak kara gannawa.kuda karmantha wahila gihin.redipili nishpadana karmantha iwaretama iwara wela.rata wahuwa kiyala wenasak na dan.bus wadakaranne nathi eka witharai thiyenne.pissuwak ratawahan kiyala me karanne



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38