අජිත් නිවාඩ් කබ්රාල් බ්‍රහස්පතින්දා මහ බැංකු අධිපති ධූරයට..

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයේ එළැඹෙන බ්‍රහස්පතින්දා වැඩ භාර ගැනීමට නියමිතයි.එමෙන්ම, මෙරට 15 වන මහ බැංකු අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් අනිද්දා වනවිට විශ්‍රාම ගැනීමටයි නියමිතව ඇත්තේ.

හෙට දිනයේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගැනීමට පෙර මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් ඊයේ පස්වරුවේ බැහැදුටුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?