අජිත් නිවාඩ් කබ්රාල් බ්‍රහස්පතින්දා මහ බැංකු අධිපති ධූරයට..

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයේ එළැඹෙන බ්‍රහස්පතින්දා වැඩ භාර ගැනීමට නියමිතයි.එමෙන්ම, මෙරට 15 වන මහ බැංකු අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් අනිද්දා වනවිට විශ්‍රාම ගැනීමටයි නියමිතව ඇත්තේ.

හෙට දිනයේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගැනීමට පෙර මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් ඊයේ පස්වරුවේ බැහැදුටුවා.

  1. රනිල් ඉන්න කොට ඌට ඔනෙ විදියට කන්න ඌගෙ යාලුවා අර්ජුන් මහෙන්ද්‍රන් දමල එක කෑවා, දෙන් මුන් රාජපක්ෂලාට මහා බැන්කුව කන්න උන්ගෙ යාලුවා අජිත් නිවාඩ් කබ්‍රාල් දමල කාල එක හිස් කරලම පලයල්ලා, මෙ රට බලයට ආපු හෙම එකාම උන්ගෙ යාලුවන්ට තනතුරු දීල රට කබාසීනිය කලා තාමත් එහෙමයි