AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාම වැටුප සහ නව තනතුර ගැන කබ්රාල් කරුණු කියයි

විශ්‍රාම වැටුප තමාට හිමි වියයුතු වරප්‍රසාදයක් බවත් කොතරම් මඩ ප්‍රහාර එල්ලවුවද තමාගේ ගමන වෙනස් කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“සමාජ මාධ්‍යයෙන් එක් එක් කණ්ඩායම් මගින් මට මඩ ගහනවා. ඒවා නිසා මගේ ගමන වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නෑ. විශ්‍රාම වැටුප විදිහට කිසිම රජයකින් මම සතයක්වත් අරගෙන නෑ. මම තීරුබදු රහිත වාහනයක්වත් අරගෙන නෑ. අවුරුදු අටහමාරක් පමණ මම මහ බැංකුවේ අධිපති විදිහට කටයුතු කළා. විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වරප්‍රසාදයක්. 2006 ජනාධිපති ලේකම් මට පත්වීමේ ලිපිය දෙනකොටත් එහි සඳහන් කර තිබුණා, විශ්‍රාම වැටුප දෙන්න ඕනි කියලා. නමුත් මට තාම එය හිමිවුණේ නෑ. නැවත මහ බැංකුවේ අධිපති ලෙස යෑම පිළිබඳව තහවුරු කරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරන්නත් බෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?