පිසිආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරමින් චක්‍රලේඛයක්

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි.

රෝග ලක්‍ෂණ සහිත වූවන් සහ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ අනුව පරීක්ෂණ සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් සඳහා පමණක් බවත් පවසන සභාපතිවරයා එමඟින් වාර්තා වන ආසාදිතයන් මෙන් කිහිප ගුණයක් සාමාන්‍ය සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බවද කියා සිටියේය.

ඒ අනුව නිල සංඛ්‍යා ලේඛන මඟින් පමණක් කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56