පිසිආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරමින් චක්‍රලේඛයක්

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි.

රෝග ලක්‍ෂණ සහිත වූවන් සහ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ අනුව පරීක්ෂණ සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් සඳහා පමණක් බවත් පවසන සභාපතිවරයා එමඟින් වාර්තා වන ආසාදිතයන් මෙන් කිහිප ගුණයක් සාමාන්‍ය සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බවද කියා සිටියේය.

ඒ අනුව නිල සංඛ්‍යා ලේඛන මඟින් පමණක් කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?