AFC Banner
Empty Ad
Empty Ad

කබ්රාල් පෙන්ෂන් හැන්දෙන් තමන්ටම බෙදාගනී

හිටපු සහ වර්තමානයේත් කටයුතු කරන මහබැංකු අධිපතිවරුන් හට ඔවුන්ගේ සේවා කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ අනුව මේ දිනවල ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් ඇති බව දැනගන්නට තිබේ.

රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදීී මෙම යෝජනාව ඉදිරිපත්ව තිබූ අතර හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසීන් එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කොට තිබුණද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.

නමුත් එම යෝජනාව කබ්රාල් මහතා විසින් නැවත ඉදිරිපත් කොට තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 සිට 2015 දක්වා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

– Mawurata

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?