නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය පාරේ පදිංච් 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වුණේ.
සැකකාර කාන්තාව ඊයේ (28) ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ ග්‍රෑම් 916ක් බරැති වළලු සහ මාල තොගයක්
සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස සොයාගැනුණු ආභරණ තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැටහය ලක්ෂ විසිඅට දහස් නවසිය තිස්හතක් වනවා.
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබූ අතර, මෙම ස්වර්ණාභරණ තොගය තුන් කෝටි හැටහය ලක්ෂ විසිඅට දහස් නවසිය තිස්හතයි ශත විසි හතක් ලෙස තක්සේරු කර , එම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර, සැකකාරියට රුපියල් ලක්ෂ විසිපහක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.













