නව චීන තානාපති සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද ඊය (28) පැවැත්වුණා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

තරුණ සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව පුළුල් කරමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම ලබන වසරේ දී තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට ලබාදීමට හැකි බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය, ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම සහ දෙරටේ තරුණයන් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර , චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටයා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46