කබ්රාල් පෙන්ෂන් හැන්දෙන් තමන්ටම බෙදාගනී

හිටපු සහ වර්තමානයේත් කටයුතු කරන මහබැංකු අධිපතිවරුන් හට ඔවුන්ගේ සේවා කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ අනුව මේ දිනවල ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් ඇති බව දැනගන්නට තිබේ.

රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදීී මෙම යෝජනාව ඉදිරිපත්ව තිබූ අතර හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසීන් එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කොට තිබුණද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.

නමුත් එම යෝජනාව කබ්රාල් මහතා විසින් නැවත ඉදිරිපත් කොට තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 සිට 2015 දක්වා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

– Mawurata



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46