ආසියාවත් දිනූ රුමේෂ්ට ජනාධිපති සුබපැතුම් පිරිනමයි

ආසියානු ක්‍රීඩා උළෙලක දී පළමුවරට ශ්‍රී ලංකාවට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනාදීමට සමත් වූ රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් රුමේෂ්ට මෙලෙස සුබපැතුම් එක්කර තිබෙනවා.

රුමේෂ් සමස්ත ජාතියම ආඩම්බරයට පත් කර ඇති බවත්, ක්‍රීඩා ලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ ඉලක්කය කරා යන ගමනට තවදුරටත් සාර්ථකත්වය තමන් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා එහි දක්වා ඇත්තේ.

ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන ගමනේදී රුමේෂ්ට සහ අනාගත බලාපොරොත්තු සහිත සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සහායවීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ එක්ස් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

අභියෝග ජය ගනිමින් ඉහළම ඉලක්ක කරා ළඟා වීමට රුමේෂ් සමඟ සමස්ත ජාතියම සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46