“මම පාරේ අච්චාර විකුණන එක කරන්නෙ මහත්තයෝ…”
මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව නිසා තම ආච්චි අම්මා භාරයේ සිටි අවුරුදු පහළොවයි මාස නවයක් වයසැති බාලවයස්කාර පාසල් දැරියක්ව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි අනියම් පෙම්වතාව ලබන 02දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම් මහේන්ද්‍රරාජා මහතා නියම කළා.
වැලිවේරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතුපස්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
වින්දිත දැරියගේ ආච්චි අම්මා මහා මාර්ගයේ අච්චාරු වෙළෙදාම් කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ආච්චි අම්මා, සැකකරු සහ වින්දිත දැරිය එකම නිවෙසේ පදිංචිව සිටින බවත් ආච්චි අම්මා නිවෙසේ නොසිටි අවස්ථාවක සැකකරු අරක්කු බෝතලයක් නිවසට රැගෙනවිත් දැරියට බලෙන් පොවා අතවර සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිවේරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා අධිකරණය හමුවේ පැවසීය.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වින්දිත දැරිය තම විවාහක සොහොයුරියට සිදුවන අතවරය පැවසීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වී ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.

yako mey ‘kakulak’ ‘punchi mal kakulak’ aadi vikaara vihilu warnana daanna epaa mey wage darunu aparaada wartha walata. mey watina minis jeewitha.