හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ මහතාගේ අසනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් බවයි.
මේ අතර මේවනවිට සමාජ මාධ්‍යයන්හී අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් පලවනවා.
පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පලකරන ෆේස්බුක් කණ්ඩායමක (Group)කුමාර අයියා නමින් පුද්ගලයෙකු “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ තත්වය මේ…”යනුවෙන් පහත සටහන පලකර තිබුණා.
කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව කළ සොයාබැලීමේදී වාර්තාවූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නොව වෙනත් රටක පුද්ගලයෙකු බවයි.
ඔහුද කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු ටික්ටොක් යෙදුමේ (App) සක්‍රීය සාමාජිකයෙකුද වනවා.
ඒ අනුව tiago arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන ටික්ටොක් යෙදුමට (App) වරින්වර එක්කර තිබුණා.
එම දර්ශන පහතින්.















අනේ . පවු. අපේ. සර්.
මන් ගොඩාක් ආදරය. කරන.
තාත්තා කෙනෙක්. 😢
Nasty idiots ! Just mindless bogies who have no souls no nothing !!! Hope some action is taken against who published false photos