ලංගම ඩිපෝ දෙකක් සේවකයින් 60දෙනෙකුට කොවිඩ්

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝ දෙකක් තාවකාලිකව වසා දැමීඹට පියවර ගෙන තිබේ.

මෙලෙස වසා දමා ඇත්තේ කලවාන සහ කැස්බෑව ලංගම ඩිපෝ දෙක වේ.

කලවාන ලංගම ඩිපෝවේ සේවකයින් 12දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එය අද (13) සිට වසා දැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ කලවාන ඩිපෝ අධිකාරිවරයා ඇතුළු ඩිපෝවේ සේවකයින් පිරිසකට වේ.

මේ අතර කැස්බෑව ලංගම ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන් ඇතුළු 48 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් කැස්බෑව ඩිපෝව ද අද සිට තාවකාලිකව වසා දැමුනු බව කොළඹ ප්‍රාදේශීය කළමනාකාරවරයා සදහන් කරයි.

එම ඩිපෝවේ තවත් සේවක මහත්වරු දෙසියයකට අධික පිරිසක් නිරෝධායනය සදහා යොමු කර තිබේ.

අදාළ ඩිපෝ දෙක මෙලෙස තාවකාලිකව වසා දැමීම හේතුවෙන් බස් රථය ධාවනය ද නතර කිරීමට සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?