AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා.
මෙලෙස කොරෝනා ආසාදනයවී ඇත්තේ, මොහොමඩ් ශිරාස් හා නිමේෂ් විමුක්ති  යන ක්‍රීඩකයින් හටයි. ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කිරීමට නියමිත පුහුණු තරගාවලියේ SLC Red කණ්ඩායම නියෝජනය කිරීමටයි සූදානමින් සිටියේ. මෙම ක්‍රීඩකයින් දෙපළ ජෛව බුබුළට එක් කිරීමට පෙර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබුවා. මේ අතර තවත් කණ්ඩායමක සහායකයෙකු හට ද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, තරගාවලිය බාධාවකින් තොරව පැවැත්වීමට හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. මේ වනවිට අදාළ තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් විශාල පිරිසක් මහනුවර බලා පිටත්ව ගොස් ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?