පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කළා.
වසර එකහමාරක් පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැති මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවුණා.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.
ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ.