අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල අනු නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) ගැටඹේ ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතයි.

රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහන පූජෝත්සවය සිදු කෙරෙනවා.

කලක් රෝගාතුරව සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති, අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් පසුගිය 18 වැනිදා අපවත් වුණා.

ඒ මහනුවර පෞද්ගලික රෝහලකදීයි.

අපවත් වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවුණා.