ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නය සහ ගිහි පිරිස් විසින් කොළඹ විහාර මහා දේවි උද්යානයේ පවත්වන සත්යග්රහය අද (21) හයවන දිනටත් ක්රියාත්මක වනවා.
උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (20) රාත්රියේ පන්දම් ශාන්ති කර්මයක් ද එහි පැවැත්වුණා.
ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණීමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත වුවද, එම සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව, එම භික්ෂූන් වහන්සේලා පිරිස විහාර මහා දේවි උද්යානයට වැඩම කළා.
අනතුරුව ඥානසාර හිමිට නිදහස ලබාදෙන තෙක් විහාර මහා දේවි උද්යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළා.
