සබරගමුව, මධ්යම, උතුරු – මැද, ඌව සහ වයඹ පළාත් සහ මඩකලපුව, ත්රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්රික්කවල අද (16) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අවවදටහමක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.










