දිවයින පුරා බොහෝ ප්රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්මේ බව දැනුම් දෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.










