සෞදි අරාබියාවේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසාට එරට අධිකරණය පැනවූ මරණ දඩුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.
මෙම සිදුවීම අවස්ථාවේ දී අනෝජන් සිවරාසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න කැපවූ ෆයිසර් මුස්තාෆා, උපුල් කුමරප්පෙරුම ප්රමුඛ නීතීඥයන් සියලු දෙනාට සහ ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයා ප්රමුඛ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවයි විපක්ෂ නායකවරයා මාධ්ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිමය තමා ඇතුළු පිරිස ද ඉටු කළ බවත් මොහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බවත් සෞදි අරාබියාවේ ශ්රේෂ්ඨාධිකරණයට සහ රජතුමාට ද මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.










