පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව තවත් කොට්ඨාශ කිහිපයකට පත් කර තිබෙනවා.
ඒ අනුව අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රථවාහන, අපරාධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (8) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ බාරගත්තා.
සෞඛය ආරක්ෂක නීති අනුව මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින් සිදුකර තිබුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව, අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත් වනවා














You are a very good person. We love you. But don’t follow politicians. if you assumed duties without your Wife and Daughter it will be great.Anton