ජපානයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දුන් මෙට්රෝ බස් රථ 07 සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය අද (02) පැවැත්වුණා.
ඒ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකියෝ ඉසොමාටාගේ (Akio Isomata) සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් තලංගම ඩිපෝවේ දී යි.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනගරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.













