ඉතාලි තානාපති සහ වෙළඳ ඇමති වසන්ත අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh), නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඇල්බර්ටෝ ආර්සිඩියාකොනෝ (Alberto Arcidiacono) සමඟ අද (01) වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ හමුවුණා.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා වන නව මාවත් පිළිබඳව සොයා බැලීමට ඉතාලියේ ඇති කැමැත්ත තානාපති ෆ්‍රැන්කොවිග් ප්‍රකාශ කළා.

දෙරට අතර පවතින දිගුකාලීන හා සුහද සබඳතා අගය කරමින්, ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට තානාපතිවරයා දක්වන උනන්දුව අමාත්‍ය සමරසිංහ සාදරයෙන් පිළිගත්තා.

කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම පෙන්වා දුන් අමාත්‍යවරයා, සමුද්‍රීය සේවා, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය (IT-BPO) සහ අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ඇති අවස්ථා ගවේෂණය කරන ලෙස ඉතාලි ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනු ලැබුවා.

2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “Sri Lanka Expo” ප්‍රදර්ශනයට සහභාගී වීමට සහ විභව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට වෙළෙඳ හා ආයෝජන නියෝජිත පිරිසක් එවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉතාලි පාර්ශවයෙන් ඉල්ලා සිටියා.

ද්විපාර්ශ්වික ආර්ථික නියැලීම පුළුල් කිරීමට සහ වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා නව මංපෙත් නිර්මාණය කිරීමට දෙරටේම ඇති අන්‍යෝන්‍ය උනන්දුව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

මෙම හමුව සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව සහ වාණිජ අධ්‍යක්ෂ චරිත යට්ටෝගොඩ ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37