හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ලබන සැප්තැම්බර් 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (01) මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ නියෝග කළා.
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු – කරෙයියන්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.













