මෙරටට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (31) පස්වරුවේ මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව චීන තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට මෙරට ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර, ශ්‍රී ලංකාවේ දී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී සඳහන් කර තිබෙනවා..
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එලැඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.
මේ අතර නව රජය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දරිද්‍රතාවය තුරන්කිරීමේ දී චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරුව තිබෙනවා.
එමෙන්ම දෙරට අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටයි දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළකර ඇත්තේ.













