Update – 22 වන සංශෝධය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය ඇරඹේ – අධිකරණ ශාලාවත් මාරු කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙම පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට නියම කරනු ලැබුවා.

මෙම පෙත්සම් අද (01) විභාගය සඳහා 502 ශාලාවේ කැඳවනු ලැබුවා.

502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණයට එළඹුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්