පයාගල වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ ‘ඩිලා’, පානදුර නිලංගගේ මස්සිනා බව හෙළිවෙයි

පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (31) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් තිබුණා.

මෙලෙඅ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 30ක පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන “ඩිලා” නමැති අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මොහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන “පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනා බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන සළිඳු මල්ශිත හෙවත් “කුඩු සලිඳු”ගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය සැකපළ කරනවා.

“3eight” වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.