රජයේ ඉන්ධන අවභාවිත කළ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු හිටපු නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කරනවා.
අදාළ නිවේදනය මඟින් ඔහු පෙන්වා දී ඇත්තේ, ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් අනුමත ක්‍රමවේද පිළිබඳ නිසි සොයා බැලීමකින් තොරව තම කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍ය සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළකර ඇති බවයි.
හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ නිවේදනය පහතින්..














