ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,000 ඉක්මවා යයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 52.96%ක් එනම් රෝගීන් 48,725ක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු පළාතෙන් වන අතර, එම රෝගීන් ගණන 13,533ක් ලෙස දැක්වෙන්නේ.

එමෙන්ම මධ්‍යම පළාතෙන් ඩෙංගු රෝගීන් 8,274 දෙනෙක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,558ක් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේ දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

ඒ, අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19,631 දෙනෙක් වාර්තා වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,245ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,613 දෙනෙක් වාර්තා වනවා.

මේ අතර මෙම වසර තුළ දී වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 68ක් ලෙසයි දැවෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23