සංචරණ සීමා ඉවත් නොකරන්නැයි ජනපතිට ලිපියක්

හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. 

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවය. 

පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බවද ඔවුන් පවසයි. 

සංචරණ සීමා ක්‍රියාත්මක වර්තමානයේ ද දෛනිකව නව ආසාදිතයින් 2,000 ඉක්මවූ සංඛ්‍යාවක් සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද මෙරට සමාජයෙන් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම තීරණාත්මක මොහොතේ සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. 

එසේ නොවුනහොත් සති තුනක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කරමින්, වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකළ කැපකිරීම ප්‍රතිඵල රහිත වනු ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය. 

මේ අතර සංචාරණ සීමා ඉවත් කිරිමෙන් පසුවද ජනතාව නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයන ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?