පළාත් 05කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හෙට (01) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

හෙට (01) දිනයට වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබෙනවා