දෙකෝටි පනස් ලක්ෂකට වැඩි කුෂ් සමඟ ඡායාරූප ශිල්පියා ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් දෙකෝටි පනස් ලක්ෂ පනස් දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරු අද (25) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොහු අද (25) දින අලුයම 01.25ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී – 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , වියළි පළතුරු අඩංගු පැකට් තුළ , ඒවා ඉවත් කර මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 505ක ප්‍රමාණය සූක්ෂම ලෙස අසුරා සඟවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන ඡායාරූප ශිල්පියෙක්.