මන්ත්‍රී වැටුප් කපා දමා, පාසල් වසා දැමීමෙන් ලෝක තෙල් අර්බුදයට මුහුණදෙන පාකිස්තානය

මැද පෙරදිග කලාපයේ උද්ගත වී තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ගෝලීය වශයෙන් ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සලකා බලා පරිපාලන සේවා සහ පාසල් පැවැත්වීම වැනි අංශ කිහිපයක් විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ පවත්වාගෙන යාමට පාකිස්ථානය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ දී පාකිස්තාන අගමැති ෂරීෆ් නිවේදනය කළේ, සියලුම රජයේ කාර්යාල සතියකට දින හතරක පවත්වා ගෙන යන බවත්, පාසල් සහ විශ්ව විද්‍යාල ඉදිරි සති දෙක සඳහා වසා තබා, උසස් අධ්‍යාපන ආයතන මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

එමෙන්ම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික සමාගම්වලින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයෙන් 50%ක් නිවසේ සිට වැඩ කරන ක්‍රමවේදයට යටත්ව පවත්වාගෙන යන ලෙසද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

සියලුම රජයේ නිල වාහන සඳහා ඉදිරි මාස දෙකට නියමිත ඉන්ධන ප්‍රමාණයෙන් 50%ක ඉන්ධන අඩුවෙන් ලබා දීමටත් තිඅරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඊට අමතරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා 25%ක වැටුප් කප්පාදුවක් ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15