ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඇමරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිට මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ගබඩාකර තැබීමට ශීතාගාර කන්ටේනර් අවශ්‍ය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ කරාපිටිය රෝහලේ රෝහල් බලධාරීන් විසින් මෙම මෘත ශරීර තැන්පත් කිරීමට අඩි 40 ශීතාගාර කන්ටේනර් මෙලෙස ඉල්ලා සිටින බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවත්, එම මෘත ශරීර තැන්පත් කිරීමට අවශ්‍ය ශීතාගාර කන්ටේනරයක් මේ වනවිටත් ගාල්ල ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවයි.













