වතු කම්කරුවන්ගේ පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සැකසීමට උපදෙස්

වතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ‍වතු කම්කරුවන්ට වැටුප් වැඩිකිරීම සඳහා කාරක සභාවේ විරුද්ධත්වයක් නොමැති බවත් මෙම දීමනාව ගෙවීමේ ක්‍රමවේදයට අදාළ නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතු බවයි.

මේ අනුව මෙම මුදල් ගෙවීම ගැසට් කිරීමකින් තොරව පෞද්ගලික වතු සමාගම් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව (MOU) සිදු වන බවත් මෙය ඕනෑම අවස්ථාවක අවසන් කිරීමට හැකි බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම මෙම රු. 200 මුදල සේවක අර්සාථ සාධක අරමුදලට දායකත්වයක් නොලැබෙන බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම අවබෝධතා ගිවිසුම (MOU) වසර 03ක කාලයක් සඳහා පෞද්ගලික වතු සමාගම් සමග ඇතිකරගෙන තිබෙන බවත් එම කාලසීමාව අවසන් විමෙන් පසු මෙම ගෙවීම් ඉදිරියට කරගෙන යෑමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් පැමිණි නිලධාරීන් විසින් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය මුදල් නිසි මූල්‍ය විනයකින් තොරව පෞද්ගලික ආයතනවල වැටුප් ගෙවීමට යෙදවීම නුසුදුසු බවයි.

එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් 2026 අයවැයෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බැවින් අදාළ ගෙවීම සිදු කරනුු ලබන බවයි.

අනුමත අයවැය ඇස්තමේන්තුවලට අනුව, මෙම ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පෙන්වා දී ඇත්තේ ‘සංවර්ධන සහනාධාරයක්’ (Development subsidy) ලෙසිනි. සාමාන්‍යයෙන් සංවර්ධන සහනාධාර මගින් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහාය වීම අපේක්ෂා කරන බැවින්, මෙම ගෙවීම ‘නිෂ්පාදන දිරිගැන්වීමක්’ (Production incentive) ලෙස හැඳින්වීම වඩාත් උචිත බව නියෝජ්ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා (DST) පෙන්වා දුන්නා.

කෙසේ වුවද, ප්‍රායෝගිකව ජනවාරි මාසය සඳහා මෙතෙක් සිදු කර ඇති ගෙවීම්වල හෝ අදාළ අවබෝධතා ගිවිසුම්වල (MoU) එවැනි අවශ්‍යතාවයක් පිළිබඳව සඳහන් නොවන බව නිරීක්ෂණය වූ බවද අවධාරණය වී තිබෙනවා.

එසේම, දිනකට රුපියල් 200 බැගින් වන දීමනාව සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවක භාරකාර අරමුදලේ (ETF) ගණනය කිරීමෙන් බැහැර කිරීම අදාළ නීතිවලට අනුකූලද යන්න පිළිබඳව ද කාරක සභාව ප්‍රශ්න කළේය. අවබෝධතා ගිවිසුම් සහ මෙම විවිධ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තේ දැයි විමසූ විට, නිලධාරීන් ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා නොගත් බවයි.

මේ අනුව මෙවැනි ගැටලු සහගත තැන් නිවැරදි විය යුතු බවත් මෙම ගෙවීම සම්බන්ධයෙන් කිසියම් හෝ නීත්‍යානුකූල පසුබිමක් සකස් විය යුතු බවත් කාරක සභාව පෙන්වා දුන්නා.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන අයගේ සහභාගීත්වයෙන් පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එසේම මෙහිදී දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ මහජනතාව වෙත ආපදා සහන සැලසීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද විවිධ සහන පියවර යටතේ, මේ වන විට රුපියල් බිලියන 24.4ක් පමණ මුදාහැර ඇති බව නිලධාරීන් ප්‍රකාශ කළා.

නිවාස පිරිසිදු කිරීම, නිවාස උපකරණ මිලදී ගැනීම සහ පාසල් සිසුන් සඳහා වන දීමනාවලින් බහුතරයක් මේ වන විටත් බෙදා දී ඇති බව නිලධාරීහු පෙන්වාදුන් අතර එහෙත්, හානි තක්සේරු කිරීම සහ ඉඩම් හඳුනා ගැනීම වැනි ක්‍රියාවලීන් හේතුවෙන්, නිවාස ප්‍රතිසංස්කරණය සහ කුලී ආශ්‍රිත සහන ගෙවීම් මුදා හැරීම මෙතෙක් ප්‍රමාද වී ඇති බව පවසා සිටියා.

මෙම කටයුතු සත්‍යාපනය කරන ආකාරය සහ වගවීම සහතික කරන ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීහු මෙහිදී පැහැදිලි කළහ. සහන ගෙවීම් අපේක්ෂා කරන්නන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කාරක සභා සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන් අතර, විශේෂයෙන්ම නිවාස සම්බන්ධයෙන් වන සහාය හැකි ඉක්මනින් ලබා දිය යුතු බව ඔවුහු අවධාරණය කළා.

එසේම ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) නිලධාරීන් සිය මූල්ය තත්ත්වය සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සාමාන්ය රක්ෂණ සමාගම් වෙතින් ඉදිරිපත් වූ හිමිකම්පෑම් හේතුවෙන් එම අරමුදලට පියවීමට සිදුව ඇති ප්‍රතිරක්ෂණ හිමිකම් පිළිබඳව පැහැදිලි කළා.

වර්තමානය වන විට NITF වෙතින් අපේක්ෂිත ඇස්තමේන්තුගත ප්‍රතිරක්ෂණ හිමිකම් මුදල රුපියල් බිලියන 11ක් පමණ වන අතර 2023 වසරේ සිට NITF හි අවදානම් නිරාවරණයන් ජාත්‍යන්තර ප්‍රතිරක්ෂණකරුවෙකු සමඟ ප්‍රතිරක්ෂණය කර නොමැති වුවද, පවතින හිමිකම් පෑම් පියවීමට තමන්ට හැකියාව ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා.

රජයේ දෛනික වියදම් පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව සැලකිය යුතු මුදල් සංචිතයක් (cash buffer) පවතින බවත්, 2025 වසර අවසානය වන විට එහි භාවිත කළ හැකි ප්‍රමාණය රුපියල් බිලියන 750ක් පමණ බවත් මෙහිදී අනාවරණය වුණා.

දෙසැම්බර් මාසයේ සිදු කරන ලද ගෙවීම් හේතුවෙන් මුදල් සංචිතය මෙම මට්ටම දක්වා අඩු වී තිබුණු බවත් මෙලෙස සංචිත අඩු වීම නිසා දෙසැම්බර් අග සිට ජනවාරි මැද දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ඉහළ ගොස් ඇති බවත්, එම සතිවල පොලී පිරිවැය වැඩි වීමට එය බලපෑ බවත් මෙහිදී අනාවරණය වූ අතර එම තත්ත්වය මේ වන විට සමනය වී ඇති බව අනාවරණය වුණා.

රජයේ වසරක පොලී පිරිවැයට වඩා මෙම සංචිත ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය සියයට 2-3ක් තරම් අඩු මට්ටමක පවතින බැවින්, මුදල් සංචිතය පවත්වාගෙන යාමේදී ආවස්ථික පිරිවැයක් (opportunity cost) පවතින බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) වැඩසටහන්වල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර ස්ථාපිත කර මාස 14ක කාලයක් ගත වී ඇති මෙම කාර්යාලයේ (PDMO) සමස්ත කාර්ය මණ්ඩල බඳවා ගැනීම් මේ වන විට සියයට 90කින් අවසන් කර ඇති බව නිරීක්ෂණය වුණා .

එමෙන්ම, එම නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම උදෙසා දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ විශේෂිත පුහුණු වැඩසටහන් (Specific Training) ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු සඳහා දැනට මහ බැංකුවේ වෙන්දේසි පද්ධතිය භාවිතා කළද, ඉදිරියේදී පූර්ණ මෙහෙයුම් ස්වාධීනත්වයකින් කටයුතු කිරීම සඳහා එම කාර්යාලය සතු වූ ස්වාධීන පද්ධතියක් (Independent System) ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව කාරක සභාවට නිරීක්ෂණය විය. එම සමස්ත ණය සඳහා වන සාමාන්‍ය පිරිවැය (Average Cost) සියයට 8.73ක් ලෙස වාර්තා වන බව ද මෙහිදී හඳුනා ගැනුණා.

තවද 2026 වසර සඳහා රජයේ සමස්ත විදේශ ණය සේවාකරණ අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් මිලියන 2504ක් ලෙස පුරෝකථනය කර ඇති බව නිරීක්ෂණය විය. එම වසර සඳහා අපේක්ෂිත විදේශ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 2100ක් වන අතර, එය ව්‍යාපෘති ණය (Projects) ලෙස ඩොලර් මිලියන 858ක්, ලෝක බැංකු අයවැය ආධාර (World Bank Budget Support) ලෙස ඩොලර් මිලියන 150ක්, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ඩොලර් මිලියන 380ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ඩොලර් මිලියන 800ක් ලෙස ලැබීමට නියමිත බව මෙහිදී අනාවරණය වුණා.

ඒ අනුව, එම වසරේ ණය පියවීම සඳහා තවදුරටත් ඩොලර් මිලියන 400කට අධික අතිරේක සම්පත් කළමනාකරණය කිරීමේ පරතරයක් (Resource Management Gap) පවතින බව ද නිරීක්ෂණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?