පාසල් පෙළපොත් තොගයක් අස්ථානගතවීමේ සිද්ධිය ගැන විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා.

මේ අතර පොලීසිය මගින් මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්ම කෙරෙනවා.

පෙළ පොත් තොගය ප්‍රවාහනයට භාරදීමෙන් පසු පළමු සැකකරු විසින් ඒවා අලව්ව ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර ඇති අතර, එහි හිමිකරු එම තොගය නාරම්මල ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට අලෙවි කර තිබුණා.

අනතුරුව එහි සිට වත්තල ප්‍රදේශයට එම පෙළපොත් තොගය රැගෙනවිත් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය මැයි 24 වනදා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින්, එම පෙළපොත් තොගය නැගෙනහිර පළාතේ පාසල් වලට බෙදීම සදහා භාරදී තිබෙනවා.

මීට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46